brand logo
logo
දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය අද සිට යළි ඇරඹේ

දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය අද සිට යළි ඇරඹේ

24 September 2023

තාවකාලිකව නවතා දමා තිබූ දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය අද (24) සිට යළි ආරම්භ වේ.


බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සහ ශාසනාරක්ෂක බල මණ්ඩල සංවිධානය කරන එම තරගාවලිය පැවැත්වෙන්නේ වසර 4 කට පසුවයි.


සිසුන්ගේ කුසලතා හඳුනාගැනීම සහ වර්ධනය කිරීමේ අරමුණින් එම තරගාවලිය පවත්වන බව, දහම් පාසල් කටයුතු පිළිබඳ කොමසාරිස් වසන්ත ලියනගේ මහතා සඳහන් කළේය.


කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුද හමුවේ එම තරගාවලිය නොපැවැත්වූ බව, ඔහු පැවසුවේය.


ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක සහ සමස්ත ලංකා වශයෙන් අධියර 3ක් යටතේ පැවැත්වෙන එම තරගාවලියේ ප්‍රාදේශීය මට්ටමේ තරග අදින් ආරම්භ වීමට නියමිතයි.


 

More News..