කාලගුණයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 27,000 ඉක්මවයි
23 May 2026
කාලගුණයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 27,000 ඉක්මවයි
23 May 2026
අයහපත් කාලගුණය හමුවේ දිවයින පුරා පුද්ගලයින් 27,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය විසින් අද (23) පස්වරුවේ නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනුයේ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පවුල් 6,907කට අයත් පුද්ගලයින් 27,419ක් බලපෑමට ලක්ව ඇති බවය.
ආපදාවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක් බලපෑමට ලක්ව ඇති අතර ආපදාවෙන් එක් පුද්ගල මරණයක්ද වාර්තා වී තිබේ.
මේ අතර ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 02ක් වාර්තා වී ඇති අතර තවත් නිවාස 807ක් අර්ධ හානියකට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

