brand logo
logo
  ගිං ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්

ගිං ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්

20 September 2026



ගිං ගඟ ආශ්‍රිතව පිහිටි පහත්බිම් ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ලැබී ඇති වර්ෂාපතනයන් හමුවේ ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.


ඒ අනුව ගිං ගඟ ආශ්‍රිතව තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසලවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම්වල වෙසෙන ජනතාවට මේ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙස එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

 

More News..