brand logo
logo
පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාර එල්ල කල දෙදෙනෙක් රිමාන්ඩ්

පොලිස් ජීප් රථයකට ගල් ප්‍රහාර එල්ල කල දෙදෙනෙක් රිමාන්ඩ්

20 October 2026 | කමල් සුරවීර - මහනුවර

රාජකාරී කටයුත්තකට යමින් සිටි තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින් ගමන් ගත් ජීප්රියට, දිගන අඹකොටේ ප්‍රදේශයේදී 18 දින රාත්‍රියේ සැඟව සිට ගල් ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් දෙදෙනෙක් තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ ඔවුන් ඔක්තෝම්බර් මස 27 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.


 මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අඹකොටේ පදිංචි මාරිමුත්තු සදාසිවම් සහ පරමසිවම් පූනේෂ්වරන් යන සැකකරුවන්ය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය අධිකරණය⁣ට වාර්තා කරනු ලැබීය.


තෙල්දෙණිය ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී හර්ෂ අමරසිංහ, ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී ජානකී සෙනවිරත්න යන නිලධාරීන්ගේ අධීක්ෂණ මත, තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී එම් චන්ද්‍රපාල, උපපොලිස් පරීක්ෂක .ජී එච්, මිලන්ද සඳරුවන් සහ පොලිස් සැරයන් වික්‍රමසිංහ යන නිලධාරින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය සැකකරුවන් එල්ල කල ගල් ප්‍රහාරවලින් පොලිස් ජීප් රියටද හානි සිදුව තිබේ.

 

More News..