brand logo
logo
වැඩි මිලට වතුර බෝතල් අලෙවි කල වෙළදසැලකට රුපියල් මිලියනයක දඩ

වැඩි මිලට වතුර බෝතල් අලෙවි කල වෙළදසැලකට රුපියල් මිලියනයක දඩ

08 October 2026


උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල වෙළෙඳසැලකට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කර තිබේ.


ඒ, මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන්.


2026 සැප්තැම්බර් 23 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී, උපරිම සිල්ලර මිල රුපියල් 120ක් ලෙස නියම කර තිබූ ලීටරයක බෝතල් කළ පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කර ඇති බව අනාවරණයවී තිබේ.


ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලද අතර, 2026 ඔක්තෝබර් 07 වන දින විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් මිලියනයක දඩයක් නියම කරන ලදී.

 

More News..