ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී ”රන් සුරක්ෂා” හරහා රන් ණය සේවාව තවදුරටත් ශක්තිමත් කරයි
21 July 2026
ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී ”රන් සුරක්ෂා” හරහා රන් ණය සේවාව තවදුරටත් ශක්තිමත් කරයි
21 July 2026
ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සිය ප‍්‍රමුඛ රන් ණය සේවාව වන ”රන් සුරක්ෂා” හරහා ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වේගවත්, ආරක්ෂිත සහ විශ්වාසනීය මූල්‍ය විසඳුමක් ලබා දීමේ තම කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.
මෙම ප‍්‍රචාරණ වැඩසටහන හරහා සමාගම අවධාරණය කරන්නේ වඩාත් ආරක්ෂිත, පහසු සහ විශ්වාසනීය රන් ණය අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබා දීම පිළිබඳ සිය කැපවීම වේ. ඉහළ වටිනාකමක්, ආකර්ෂණීය පොලී අනුපාත සහ දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා විශ්වාසනීය සේවාවක් ලබා දීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ.
බොහෝ ශ‍්‍රී ලාංකික පවුල් සඳහා රත‍්‍රන් යනු මූල්‍ය වත්කමක් පමණක් නොවේ. එය පවුලේ ඉතිරිකිරීම්, සංස්කෘතික වටිනාකම්, පුද්ගලික මතකයන් සහ දිගුකාලීන ආරක්ෂාව සමඟ බැඳී පවතින වටිනා සම්පතකි. මෙම වගකීම හඳුනා ගනිමින්, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී ”රන් සුරක්ෂා” සේවාව විශ්වාසය, ආරක්ෂාව සහ වෘත්තීයමය සේවා සැලකිල්ල මත පදනම් වූ රන් ණය සේවාවක් ලෙස ස්ථානගත කර ඇත.
”රන් සුරක්ෂා” හරහා පාරිභෝගිකයන්ට තම රත‍්‍රන් උකස් කර විශ්වාසයෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි අතර, මෙම සේවාව 1% සිට ආරම්භ වන ආකර්ෂණීය පොලී අනුපාතයක් සමඟ ලබා දේ. සමාගමේ අවධානය යොමු වී ඇත්තේ පාරිභෝගිකයන්ට ඉක්මන් මුදල් අවශ්‍යතා සපුරාලීම පමණක් නොව, ඔවුන්ගේ රත‍්‍රන් නියාමනයට යටත් විශ්වාසනීය මූල්‍ය ආයතනයක් මඟින් ආරක්ෂිතව හසුරුවන බවට සහතිකයක් ලබා දීමයි.
පාරිභෝගික අත්දැකීම තවදුරටත් වටිනාකම් එකතු කිරීම සඳහා, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී ”රන් සුරක්ෂා” වැඩසටහන යටතේ සෑම මාසයකම තරග පැවැත්වීමට ද කටයුතු කරයි. ඒ හරහා පාරිභෝගිකයන්ට රු. මිලියන 1කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග 100කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමේ අවස්ථාව හිමි වේ. ජංගම දුරකථන, රයිස් කුකර් ඇතුළු වටිනා ත්‍යාග රැසක් මෙයට ඇතුළත් වන අතර, දිවයින පුරා පාරිභෝගිකයන් සඳහා මෙම වැඩසටහන පවත්වනු ලබයි.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින්, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි සහකාර සාමාන්‍යාධිකාරී රන් ණය, ඔෂාන් කස්තුරි ආරච්චි මහතා පැවසුවේ, ”රන් සුරක්ෂා නිර්මාණය කර ඇත්තේ අපගේ පාරිභෝගිකයන්ට රත‍්‍රන් යනු කුමක්ද යන්න පිළිබඳ ගැඹුරු අවබෝධයකින්. පාරිභෝගිකයෙකු තම රත‍්‍රන් අප වෙත භාර දෙන්නේ විශාල විශ්වාසයකින්. එම විශ්වාසය ආරක්ෂා කිරීම අපගේ වගකීමයි. අපගේ අරමුණ වන්නේ වේගවත්, විනිවිදභාවයෙන් යුත්, ආරක්ෂිත සහ පාරිභෝගික හිතකාමී සේවාවක් ලබා දීමයි. රන් සුරක්ෂා හරහා අපි පාරිභෝගිකයන්ට ආරක්ෂාව, විශ්වාසය සහ ගෞරවය සමඟ මූල්‍ය සහය ලබා දීමටත්, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී කෙරෙහි විශ්වාසය තබන පාරිභෝගිකයන් ඇගයීමටත් කැපවී සිටිමු,” යනුවෙනි.
ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී වසර 55කට අධික උරුමයක්, රු. බිලියන 50කට අධික වත්කම් පදනමක්, ල ත්‍සඑජය ්ූ:කන්* ශ්‍රේණිගත කිරීමක් සහ ශාඛා 100කට අධික දිවයින පුරා ව්‍යාප්ත ජාලයක් සමඟ ශ‍්‍රී ලංකාවේ විශ්වාසනීය බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.
ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී, ඉන්දියාවේ විශාලතම සහ වඩාත් ගෞරවණීය මූල්‍ය සේවා කණ්ඩායම්වලින් එකක් වන ඵමඑයදදඑ ත්‍සබ්බජැ හි ශ‍්‍රී ලංකාවේ එකම අනුබද්ධ සමාගම වීමද සමාගමට විශේෂ ශක්තියක් ලබා දෙයි. රන් මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ගැඹුරු අත්දැකීම් සහ ශක්තිමත් ජාත්‍යන්තර උරුමය, සමාගමට ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වැඩි විශ්වාසයකින් සේවය කිරීමට උපකාරී වේ.
”රන් සුරක්ෂා” හරහා ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී වේගය, ආරක්ෂාව, පහසුව, වටිනාකම සහ ත්‍යාග එක් කළ පාරිභෝගික කේන්ද්‍රීය රන් ණය සේවාවක් ලබා දීමට කැපවී සිටී. අද බොහෝ පවුල් සහ ව්‍යාපාර සඳහා නම්‍යශීලී මූල්‍ය විසඳුම් අවශ්‍ය වන මොහොතක, මෙම සේවාව විශ්වාසය සහ ආයතනික ශක්තිය මත පදනම් වූ ප‍්‍රායෝගික සහ විශ්වාසනීය විකල්පයක් සපයයි.

