brand logo
logo
ශ්‍රී ලංකාවට එංගලන්තයෙන් ලකුණු 430ක අභියෝගයක්

ශ්‍රී ලංකාවට එංගලන්තයෙන් ලකුණු 430ක අභියෝගයක්

22 October 2026

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්තානය අතර පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වන විට රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ.


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 429ක් රැස්කර ගැනීමට සමත් විය.


එංගලන්තය වෙනුවෙන් නායක හැරී බෲක් පන්දු 116කදී වේගවත් ලකුණු 202ක් වාර්තා කිරීමට සමත් විය.


ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට 6යේ පහර 10ක් සහ හතරේ පහර 21ක් ද ඇතුළත් වේ.


ජෝ රූට් ලකුණු 69යි.


එමෙන්ම ජෝ රූට් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 8,000 සීමාව පසුකළ පළමු එංගලන්ත පිතිකරු බවට අද (22) සුවිශේෂී කඩඉමක් පසුකළේය.


විල් ජැක්ස් නොදැවී ලකුණු 66යි.


මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිල ලකුණු 430ක් රැස්කර ගත යුතු වේ.

 

More News..