brand logo
logo
  රටම එකට මෙහෙයුම යටතේ සැකකරුවන් 777ක් අත්අඩංගුවට

රටම එකට මෙහෙයුම යටතේ සැකකරුවන් 777ක් අත්අඩංගුවට

07 February 2026


දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම වෙනුවෙන් ශ්‍රී පොලීසිය විසින් ආරම්භ කර ඇති රටම එකට ජාතික මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (06) දිනයේ සිදුකළ මෙහෙයුම් මගින් සැකකරුවන් 777 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


එහිදී පොලීසිය විසින් සිදුකළ මෙහෙයුම් යටතේ හෙරොයින් ග්‍රෑම් 434ක්, අයින් ග්‍රෑම් 477, කොකේන් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 536ක්ද සහ ගංජා කිලෝ 5 ග්‍රෑම් 658ක්ද පොලිස් භාරයට ගෙන ඇත.


එමෙන්ම මෙම මෙහෙයුමේදී සැකකරුවන් 09 දෙනෙකු සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.


තවද පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කිරීමටත් පොලීසිය විසින් මෙම මෙහෙයුමේදී පියවර ගෙන ඇත.


පොලීසිය පැවසුවේ දිවයින පුරා සිදුකරනු ලැබූ වැටලීම් 762කින් මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගත් බවය.

 

More News..