brand logo
logo
  සියදිවි නසාගත් තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත මුහුදු තීරයෙන් හමුවෙයි

සියදිවි නසාගත් තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත මුහුදු තීරයෙන් හමුවෙයි

18 October 2026


සිත් අමනාපයක් හේතුවෙන් දෙහිවල ප්‍රදේශයෙන් මුහුදට පැන සියදිවි නසාගත් තිදරු පියෙකුගේ මළ සිරුර වැල්ලවත්ත, බොස්වෙල් පෙදෙස මුහුදු තීරයෙන් සොයාගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකි.


වැල්ලවත්ත මුහුදු තීරයේ නාඳුනන පුද්ගල මළ සිරුරක් ගොඩගසා ඇති බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පසුව මියගිය අයගේ ඥාතීන් පැමිණ සිරුර හඳුනාගෙන තිබේ.


සිද්ධිය වූ දිනට පෙර දින මියගිය තැනැත්තා සිය දරුවන් සමඟ එක්ව විනෝද වී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


එසේම, ඔහු නිවසින් පිටව යන අවස්ථාවේදී තමා භාවිත කළ අත් ඔරලෝසුව සහ උපැස් යුවල නිවසේ තබා ගොස් තිබූ බවද පවුලේ ඥාතීන් විසින් පොලීසිය හමුවේ පවසා තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

More News..