brand logo
logo
දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවල අද විශේෂ මදුරු මර්ධන වැඩසටහනක්

දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවල අද විශේෂ මදුරු මර්ධන වැඩසටහනක්

31 July 2026


දිවයිනේ සියළු රාජ්‍ය ආයතනවල අද(31) දිනයේ විශේෂ මදුරු මර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරේ.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ, සුපිළිපන්න සතියට සමගාමීව එය සිදු කරන බවයි.


ඒ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කර තිබේ.


අද පෙරවරුවේ පැය කිහිපයක් රාජ්‍ය ආයතන සිය පරිශ්‍රයන් පිරිසිදු කරනු ඇති.


මේ අතර වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,091 දක්වා ඉහළ ගොස් තිබේ.


ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ, මේ වින විට පුද්ගලයින් 61 දෙනෙකු ඩෙංගු රෝගය හේතුවෙන් මියගොස් ඇති බවයි.

 

More News..