ජපානයේ කියුෂු කලාපයට ප්‍රබල භූමිකම්පාවක්
28 July 2026
ජපානයේ කියුෂු කලාපයට ප්‍රබල භූමිකම්පාවක්
28 July 2026
ජපානයේ කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයට රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම භූමිකම්පාවෙන් පසු මීටර් 1 ක පමණ උසකින් යුත් සුනාමි රළ ඇති විය හැකි බවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජපානයේ දකුණු දිග කියුෂු (Kyushu) දූපතට අයත් කුමමොටෝ, නාගසාකි, කගොෂිමා, ෆුකුඔකා, සාගා, ඔයිටා සහ මියාසාකි යන ප්‍රාන්ත වෙත ජපාන රජය විසින් හදිසි භූමිකම්පා අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

