Best News Website award
brand logo
logo
ආපදා කළමනාකරණය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ආපදා කළමනාකරණය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

16 November 2026


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවැත් වූ බව ජනාධිපත මාධ්‍ය අංශය පවසයි.


ඒහිදී, කාලගුණික විපර්යාසයන්හි නවතම තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.


වර්තමානය වන විට මුහුණ දෙන උණුසුම් කාලගුණික තත්ත්වය සහ අධික වැසි තත්ත්වය පිළිබඳව සිදු කර ඇති පුරෝකථන දත්ත තව දුරටත් විශ්ලේෂණය කරමින් මෙමගින් ඇති විය හැකි සමාජ බලපෑම පිළිබඳව පුරෝකථන වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.


එමගින් පානීය ජලය, විදුලිබලය, ආහාර අවශ්‍යතා ආදිය කළමනාකරණය සහ වන සතුන්ට සිදුවිය හැකි බලපෑම් නිර්ණය කිරීමට අදාළව තිරසර පිළියම් යෙදීම සඳහා දැනට සකස් කර ඇති සැළසුම් යාවත්කාලීන් කර ගැනීමට හැකි වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළ බව ඒම නිවේදනයේ සඳහන් වේ.


අදාළ පුරෝකථන වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 

 

More News..