brand logo
logo
 නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ සිව්දෙනෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ සිව්දෙනෙකු නාවික හමුදා භාරයට

12 September 2026


නීති විරෝධී පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා තුනක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.


ඒ, යාපනය චුන්ඩිකුලම් හා කඩ්ඩයිකාඩු මුහුදු හා වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පුත්තලම දිස්ත්‍රීක්කයේ මදුරංකුලිය සහ පල්ලිය වාසල්පාඩුව යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙ ඇත.


උතුරු නාවික විධානයට අයත් යාත්‍රා සහ වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීම මඟින් පසුගිය 11 වැනිදා සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් නාවික හමුදා භාරයට ගත්තේය.


එහිදී ඩිංගි යාත්‍රා තුනක් සහ කිලෝ ග්‍රෑම් එක්දහස් නවසියයකට අධික මත්ස්‍ය තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.


මෙම සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ. 

 

More News..