brand logo
logo
පෙරහැරෙන් පසු මහනුවරින් කසල් ටොන් 323ක් ඉවත් කරයි

පෙරහැරෙන් පසු මහනුවරින් කසල් ටොන් 323ක් ඉවත් කරයි

30 August 2026 | කමල් සුරවීර මහනුවර


හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය හෙවත් මහනුවර ශ්‍රී දළදා ඇසළ පෙරහර මංගල්‍යයේ නිමාවත් සමඟ මහනුවර නගරයෙන් එකතු වූ සමස්ත කැලිකසල ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 323,320 ක් බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කරයි.                                                         


අගෝස්තු මස 15 දින සිට අගෝස්තු මස 29 දක්වා දින 15 ක් පෙරහැර සමය තුළ මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය හා කසල කළමනාකරන අංශයේ කාර්ය මණ්ඩලය විසින් මෙම කසළ ප්‍රමාණය ඉවත් කළ බවද නාගරික කොමසාරිස්වරිය පැවසීය.                          


ඒ අනුව අලි ඇතුන් සඳහා ආහාරයට රැගෙන එන කොළ අතු ඇතුළු ජෛව හායනශීලි කසල කිලෝ ග්‍රෑම් 148.720 ක්, මිශ්‍ර කසල කිලෝ ග්‍රෑම් 48.330 ක්, ආහාර ඉඳුල් කිලෝ ග්‍රෑම් 34.570 ක් , අලි-ඇත් වසුරු කිලෝ ග්‍රෑම් 34.220 ක්, පොලිතීන් කිලෝ ග්‍රෑම් 33.310 ක් හා පන්දම් දැල්වීමට උපයෝගී කරගන්නා අඟුරු කිලෝ ග්‍රෑම් 24. 170 ක්ද වූ බවද නාගරික කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.                   


ලක්ෂ 04 කට ආසන්න දෙස් විදෙස් ජනතාවක් සහභාගී වූ මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා නගර සභාවේ කසල කළමනාකරණ කාර්ය මණ්ඩල, අනෙකුත් කාර්ය මණ්ඩල මෙන්ම ස්වේච්ඡා කණ්ඩායම් පවා සිදුකළ කැපවීම විශේෂයෙන් අගය කළ යුතු බවද ඇය සදහන් කළාය.   

                                   

මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත නගරයේ පිරිසිදු කිරීමේ දිවා රාත්‍රී මෙහෙයුම් සඳහා නගර සභාවේ දහසක පමණ කාර්ය මණ්ඩලයක් බවද නාගරික කොමසාරිස්වරිය පවසා සිටියාය.


 

More News..