brand logo
logo
ඉන්දු - පාකිස්තාන සටනේ ඓතිහාසික නැරඹුම් වාර්තාවක්

ඉන්දු - පාකිස්තාන සටනේ ඓතිහාසික නැරඹුම් වාර්තාවක්

21 February 2026

ICC තරග ඉතිහාසයේ වැඩිම පිරිසක් ඩිජිටල් අවකාශය ඔස්සේ නැරඹූ විස්සයි20 තරගය ලෙස ඉන්දු - පාකිස්තාන තරගය වාර්තා අතරට එක්ව තිබේ.


පසුගිය 15වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මිලියන 163ක පිරිසක් නැරඹූ බව මෙවර ලෝක කුසලානයේ නිල ඩිජිටල් සහ විකාශන හවුල්කරු වන JioStar නිවේදනය කර ඇත.


ඒ අනුව 2024 විස්සයි20 ලෝක කුසනයේ ඉන්දු - දකුණු අප්‍රිකා අවසන් මහා තරගයේ නරඹන්නන් සංඛ්‍යාව පවා මෙවර අබිබවා ගොස් තිබේ.


ඉන්දියාව සහ පාකිස්තානය අතර දිනෙන් දින උත්සන්න වන දේශපාලන අර්බුදය හේතුවෙන්, දෙරට අතර ක්‍රිකට් තරග සඳහා ඇති ප්‍රේක්ෂක අවධානයද ඒ හා සමානව ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයක් වී ඇත.

කෙසේ නමුත් මෙවර ඉන්දියාවට එරෙහිව තරගය ක්‍රීඩා කිරීම පාකිස්තානය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම අවධානය තවත් වැඩිවිය.


ඒ අනුව ඉකුත් විස්සයි20 ලෝක කුසලානයේ ඉන්දු - පාකිස්තාන තරගය නැරඹූ සංඛ්‍යාවට වඩා මෙවර 56%ක වැඩිවීමක් වාර්තා වී ඇත. 

 

More News..