brand logo
logo
 කැරපොත්තන් හෙට දිල්ලියේ දැවැන්ත විරෝධතාවක

කැරපොත්තන් හෙට දිල්ලියේ දැවැන්ත විරෝධතාවක

09 October 2026


ඉන්දීය මැතිවරණ කොමිසමේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් එරට තරුණ ව්‍යාපාරයක් වන කැරපොතු ජනතා පක්ෂය හෙට දිල්ලි නුවර දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.


සිය සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම් සිදුවුව ද සැලසුම් කර ඇති පරිදි විරෝධතාව පවත්වන බව එම පක්ෂය සඳහන් කර ඇත.


මෙම විරෝධතාව හේතුවෙන් දිල්ලි නුවර ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර ඒ සඳහා 23,000ක පමණ පිරිසක් යොදවා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.


මේ අතර විරෝධතාව හේතුවෙන් දිල්ලි නුවර පොදු ප්‍රවාහන සේවා නතර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවට පවසමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත්ව තිබේ.


එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ පොදු ප්‍රවාහනය සම්පුර්ණයෙන් නතර කිරීම සිදුකළ නොහැකි අතර මූලික පහසුකම් ලබාගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කළ නොහැකි බවය.


 

 

More News..