brand logo
logo
 කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්

කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්

23 June 2025



කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියම කර තිබේ. 


පැමිණිල්ල අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියෙහි කැඳවනු ලැබීය.


එහිදී විමර්ශන සිදුකරන උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් අධිකරණයට දැනුම් දී ඇත්තේ මියගිය දැරියගේ මවගෙන් සහ තවත් පාසල් සිසුවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය. 


ඊට අමතරව ගුරුවරියකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය පැවසීය. 


විර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ සී.සී.ටී.වී කැමරාවලට අදාළ ඩි.වී.ආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස් ඇති බවත් එය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.


මෙම යන්ත්‍රය ලබාගැනීමට පමා වූයේ ඇයි දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා එය කඩිනමින් ලබාගෙන ඉදිරි විමර්ශන කරන ලෙස පොලීසියට නියෝග කර තිබේ.


අනතුරුව පැමිණිල්ල යළි ජුලි මස 07 වනදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියම කර ඇත.


 

More News..