brand logo
logo
Quad රටවල් නාවික සහයෝගිතාව පුළුල් කරයි

Quad රටවල් නාවික සහයෝගිතාව පුළුල් කරයි

30 October 2026


2026 'Quad සමුද්‍රීය නිරීක්ෂණ මෙහෙයුම' යටතේ ඉන්දියන් සාගරය හරහා දින 13ක නාවික සංචාරයක නිරත වෙමින් සමුද්‍රීය සහයෝගිතාව සහ මෙහෙයුම් හැකියාවන් ශක්තිමත් කිරීමට ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය (ABF), ඉන්දියාව, ජපානය සහ අමෙරිකාව යන රටවල නියෝජිතයන් සමඟ එක්වී තිබේ.


මෙම රටවල නිලධාරීන් සැප්තැම්බර් 25 වනදා ඉන්දියාවේ චෙන්නායි වරායෙන් පිටත්වූ ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් නෞකාවකට ගොඩවී ඇති අතර, එම නෞකාව ඔක්තෝබර් 07 වනදා බටහිර ඔස්ට්‍රේලියාවේ Fremantle වරාය වෙත ළඟාවී තිබුණි.


මෙම දීර්ඝ නාවික ගමන අතරතුර නිලධාරීන් පුහුණු අභ්‍යාසවල නිරත වූ අතර, සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම්, සාගර දූෂණය වැළැක්වීම, සමුද්‍රීය නීති බලාත්මක කිරීම සහ නෞකා පරීක්ෂා කිරීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් තම මෙහෙයුම් අත්දැකීම් සහ දැනුම හුවමාරු කරගෙන ඇත.


ඉන්දු-පැසිෆික් කලාපය පුරා මතුවන සමුද්‍රීය ආරක්ෂක අභියෝගවලට සාමූහිකව මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැගීම සහ සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙයි.

 

More News..