brand logo
logo
ගුල්ලෝ ගහපු පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

ගුල්ලෝ ගහපු පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්

09 July 2026

පරිභෝජනයට නුසුදුසු කහ පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.


හැටන් කොටගල නගරයේ තොග වෙ‍ෙළඳසැලක පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් සහිත කහ පරිප්පු කිලෝ 1740ක් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිය භාරයට ගෙන අද (09) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරපත් කිරීමෙන් අනතුරුව එම පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කිරීමට මහෙස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නියෝග කර ඇත.


පරිප්පු තොගයේ අයිතිකරු අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුට රු.2000ක දඩයක් ගෙවන ලෙසටද දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.


මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත තලවකැලේ ලිදුල නගර සභාවේ කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලද කහ පරිප්පු තොගය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් විනාශ කරනු ලැබීය.


පරිප්පු තොගයේ වෙළදපොළ වටිනාකම රු. පන්ලක්ෂ විසි දෙදහසක් වන අතර, කොටගල සෞඛ්‍ය වෙද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛය පරික්ෂකවරුන් විසින් පසුගිය දා කොටගල නගරයේ සිදුකළ හදිසි පරික්ෂාවකදී ගබඩාවක සගවා තිබූ මෙම පරිප්පු තොගය සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 

More News..