Best News Website award
brand logo
logo
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද ඉන්දියාව සමග 'රයිසින් ස්ටාර්ස්' අවසන් පූර්ව සටනේ

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද ඉන්දියාව සමග 'රයිසින් ස්ටාර්ස්' අවසන් පූර්ව සටනේ

26 November 2026


කටාරයේ දෝහා හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 'රයිසින් ස්ටාර්ස්' එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (26 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව 'ඒ' කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගනිමින් පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර පාකිස්තානයට පරාජය වූ ඉන්දීය කණ්ඩායම 'බී' කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව සමග තරගයට ඇතුළත් විණි.


පෙරේදා (24 වැනිදා) එක්සත් අරාබි කණ්ඩායමට එරෙහිව වාර්තා අලුත් කළ ද්විත්ව ශතකයක් රැස් කළ වයිබාව් සූර්යවංශි ලකුණු 241ක් සමාග තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පසු වේ. 245.91ක පන්දුවට පහරදීමේ වේගයක් ද සහිත ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් විය හැකි අතර ඉන්දීය නායක තිලක් වර්මා ලකුණු 207ක් සමගින් වැඩිම ලකුණු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසු වේ.


ඊට අමතරව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රින්ස් යාදව් සමගින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනුජ සහන් කඩුලු 7 බැගින් දවාගෙන වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණේ පසුවෙති.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ඇරැඹීමට නියමිතය.

 

More News..