brand logo
logo
ප්‍රධාන ජලාශ සහ මධ්‍ය පරිමාණ ජලාශ වාන් දමයි

ප්‍රධාන ජලාශ සහ මධ්‍ය පරිමාණ ජලාශ වාන් දමයි

22 October 2026


පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.


මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රධාන ජලාශ 05ක වාන් දොරටු විවෘත කර ඇති බවය.


ඒ අනුව දැදුරුඔය ජලාශයේ අඩි පහ බැගින් වාන් දොරටු 2ක්, අඩි හතර බැගින් වාන් දොරටු 4ක් සහ අඩි තුන බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.


අදාළ ජලාශයෙන් දැදුරු ඔයට නිකුත් කරනු ලබන ජල ධාරිතාව ඝනමීටර් 22,400කි.


රාජාංගනය ජලාශයේ අඩි පහ බැගින් වාන් දොරටු 4ක්, අඩි හතර බැගින් වාන් දොරටු 4ක්, අඩි තුන බැගින් වාන් දොර‌ටු හතරක් සහ අඩි දෙක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් කලා ඔයට නිකුත් කෙරෙන ජල ධාරිතාව ඝනමීටර් 14,288කි.


එමෙන්ම කිඹුල්වානා ඔය වැව, අඹකොළවැව සහ අලිකොට ආර යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


මේ අතර මධ්‍යම පරිමාණ ජලාශ දෙකක වාන් දොරටු විවෘත කර ඇති අතර ජලාශ 09ක් වාන් මට්ටමට පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

 

More News..