දිල්ලිය ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත්වෙයි
13 November 2026
දිල්ලිය ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත්වෙයි
13 November 2026
ඉන්දියාවේ දිල්ලි නගරය පාකිස්තානයේ ලාහෝර් නගරය අභිබවා යමින් ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත්ව තිබේ.
ස්විට්සර්ලන්තයේ IQAir ආයතනයට අනුව, දිල්ලියේ වායු තත්ත්ව දර්ශකය (AQI) ඒකක 334ක් ලෙස වාර්තා වී ඇති අතර, එම අගයත් සමඟ ලොව ප්‍රධාන නගර අතරින් වඩාත්ම දූෂිත නගරය බවට දිල්ලිය පත්ව ඇත.
කෙසේ වෙතත්, ඉන්දියාවේ මධ්‍යම දූෂණ පාලන මණ්ඩලය (CPCB) වාර්තා කර ඇත්තේ දිල්ලියේ AQI අගය ඒකක 403ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
එම ආයතනය එය 'ඉතා දරුණු' (Severe) වායු දූෂණ තත්ත්වයක් ලෙස වර්ගීකරණය කර තිබේ.
එය "අනතුරුදායක" මට්ටමක් ලෙස වර්ගීකරණය කර ඇති අතර එමඟින් දිල්ලිය ලොව දූෂිතම ප්‍රධාන නගරය බවට පත්ව ඇති බව සදහන්.
සාමාන්‍යයෙන් AQI අගය 50ක් දක්වා පවතින විට එය යහපත් වායු තත්ත්වයක් ලෙස සැලකෙන අතර, සෞඛ්‍ය අවදානම අවම මට්ටමක පවතී.
ශීත කාලයේදී පවතින සීතල හා බර වායු ස්ථර හේතුවෙන් වාහනවලින් පිටවන දුම, ඉදිකිරීම් කටයුතුවලින් නිකුත් වන දූවිලි සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය දහනයෙන් ඇතිවන දුමාරය වායුගෝලයේ රැඳී පවතින අතර, එමඟින් වායු දූෂණය තවදුරටත් ඉහළ යයි.


