Best News Website award
brand logo
logo
ප්‍රතිසංස්කරණය කළ ගැටඹේ පොම්පාගාරය අද යළි ජනතා අයිතියට

ප්‍රතිසංස්කරණය කළ ගැටඹේ පොම්පාගාරය අද යළි ජනතා අයිතියට

29 November 2026

'දිට්වා' සුළි කුණාටුව හමුවේ ඇති වූ ගංවතුරෙන් හානි සිදුව අක්‍රිය වූ ගැටඹේ ජල තුළුමුව සහ පොම්පාගාරය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර අද (29) ජනතා අයිතියට පත් කරන ලදී. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කෙරිණි.


මහනුවර මහ නගර සභාවේ රුපියල් මිලියන 350කට වැඩි අරමුදල් වැය කරමින් මෙම ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කටයුතු නිම කර ඇත.


ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා සහ අවදානම් තත්ත්වයන්ට වඩාත් සාර්ථකව මුහුණ දිය හැකි වන පරිදි මෙම ජල පද්ධතිය වැඩිදියුණු කර තිබේ. මේ තුළින් මහනුවර ප්‍රදේශයේ ජනතාවට අඛණ්ඩ ජල සැපයුම් සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇත.


මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් සිදු කර තිබීම ද විශේෂත්වයකි.


 

More News..