brand logo
logo
වැල්ලවත්ත සහ පාමංකඩට පැය 7ක ජල කප්පාදුවක්

වැල්ලවත්ත සහ පාමංකඩට පැය 7ක ජල කප්පාදුවක්

06 August 2026

අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවල ජල සැපයුම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.


මෙම ජල කප්පාදුව සිදුකරනු ලබන්නේ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා බව එම මණ්ඩලය සඳහන් කරයි.


ඒ අනුව වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසත්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටී.

මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අපහසුතාව සම්බන්ධයෙන් මණ්ඩලය කණගාටුව ද පළ කර ඇත.

 

More News..