සංවර්ධන සහයෝගීතාවයන් තුලින් දරිද්‍රතාවය අඩු කිරීම
19 May 2025
සංවර්ධන සහයෝගීතාවයන් තුලින් දරිද්‍රතාවය අඩු කිරීම
19 May 2025
2025 මැයි 15 වන දින, දරිද්‍රතාවය අඩු කිරීම සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ 2025 චීන-දකුණු ආසියානු සංසදය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹදී පැවැත්විණි. චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායමේ CICG සභාපති ඩු ෂැන්යුවාන, ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං, ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ෆහීම් උල් අසීස් සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් චාන්සරි ප්‍රධානී ජන්නතුල් හබීබ් යන මහත්වරු සහභාගී වූහ. යුරෝපය සහ ආසියාව සඳහා වූ CICG මධ්‍යස්ථානයේ (චීන පින්තූර ප්‍රකාශන) උප සභාපති ගාඕ ෂින් මහතා විසින් මෙම සංසදය මෙහෙයවන ලදී. මෙම සංසදය සඳහා චීනය, ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ බංග්ලාදේශය ඇතුළු අනෙකුත් රටවලින් 80 කට අධික පිරිසක් සහභාගී වූහ. රජයේ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, විද්වතුන්, විශේෂඥයින්, මාධ්‍ය ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් ඇතුළු, මෙම අවස්ථාවට නියෝජිතයින් ”දකුණු ආසියාවේ සංවර්ධනය සඳහා කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම” යන තේමාව යටතේ ගැඹුරු ලෙස සාකච්ඡා පැවැත්වූහ.
දරිද්‍රතාවය තුරන් කිරීම ගෝලීය අභියෝගයක් සහ මානව වර්ගයා ගේ දියුණුව සඳහා ගන්නා පොදු මෙහෙවරක් බව ඩූ ෂැන්යුවාන් මහතා සිය කතාවේදී සඳහන් කළේය. චීනය සහ දකුණු ආසියානු රටවල් දරිද්‍රතාවය අඩු කිරීම සහ සංවර්ධන සහයෝගීතාව ගැඹුරු කිරීම උත්සහයෙන් වැඩ කිරීම අත්‍යවශ්‍ය වන බව ඔහු පැවසීය. මිත්‍රත්වය, අවංකභාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්මයන්ට අනුගත වෙමින් ජනතාවගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ යුතු බවත්, ලබාගත් ආර්ථික සමෘද්ධිය සහ ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා විවිධ අංශ හරහා ප්‍රායෝගිකව සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු බවත් පැවසූ ඔහු දරිද්‍රතාවය පිටුදැකීමේ සංවර්ධනය බලගැන්වීම සඳහා නව්‍ය තාක්ෂණයන් යෙදීමට පහසුකම් සැලසිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. දරිද්‍රතාවය පිටුදැකීමේ අත්දැකීම්වල ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හුවමාරු වැඩි දියුණු කිරීමටද, කලාපීය තත්වයන්ට අනුකූලව දරිද්‍රතාවය අඩු කිරීමේ සහ සංවර්ධනයේ මාවත ඒකාබද්ධව ගවේෂණය කිරීමට සහ සහජීවනයෙන් පිරි අනාගතයක් සහිත ගෝලීය ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ප්‍රඥාව සහ ශක්තිය දායක කිරීමට CICG සංසදය අවස්ථාවක් ලෙස ගනු ඇතැයි ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා තම කතාවේදී පැවසුවේ, ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල දෘශ්‍යමාන දියුණුවක් ලබාගෙන තිබුණද, දරිද්‍රතාවය තවමත් දිගුකාලීන අභියෝගයක් වශයෙන් පවතින බවත්, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සහ සමහර අර්ධ නාගරික කණ්ඩායම් අතර එය දක්නට ඇති බවත්ය.
ඒ මහතා තවදුරටත් පැවසුවේ, සංස්කෘතික උරුමය ආර්ථික වටිනාකමක් බවට පරිවර්තනය කිරීමේදී චීනය ලබාගෙන ඇති සාර්ථකත්වය ශ්‍රී ලංකාව සඳහා ඉතා වටිනා අත්දැකීමක් වන බවත්ය.
ඔහු අවධාරණය කළේ, මෙම සම්මන්ත්‍රණය දැනුම හුවමාරු කරගැනීම, සහයෝගීතාව ගොඩනැගීම සඳහා නියමිත ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ශක්තිමත් ජාල ගොඩනැගීම සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කරන අතර එය දරිද්‍රතාවය තුරන් කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා ඉතා හොද දායකත්වයක් වන බවත්ය.
චී ෂෙන්හොං මහතා සිය කතාවේදී සඳහන් කළේ 2020 වසර අවසානයේ දී චීනය අන්ත දරිද්‍රතාවය සහ සමස්ත කලාපීය දරිද්‍රතාවය තුරන් කිරීමේ ඉලක්කය සපුරා ගත් බවත්, රට තුළ දරිද්‍රතාවය පිටුදැකීමේ උත්සාහයන් ඉදිරියට ගෙන යන අතරම, චීනය එහි ධාරිතාවය තුළ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට අඛණ්ඩ ආධාර ලබා දුන් බවත්ය. තමන් ‘චීන-එක්සත් ජාතීන්ගේ සාම හා සංවර්ධන අරමුදලේ සහ ‘දකුණු-දකුණු සහයෝගිතා ආධාර අරමුදලේ ස්ථාපිත කර ඇති බවත්, දරිද්‍රතාවය අඩු කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ‘නැගෙනහිර ආසියානු දරිද්‍රතාවය අඩු කිරීමේ සහයෝගිතා මුලපිරීම’සහ‘ චීන-අප්‍රිකා සහයෝගිතා වැඩසටහන වැනි රාමු යටතේ සහයෝගීතාව ප්‍රවර්ධනය කර ඇති බවත් ඔහු පැවසීය. බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික මාර්ග දෙකෙන්ම චීනය සංවර්ධනය වෙමින් පවතින විවිධ රටවල ධාරිතා වර්ධනයට සහාය වී ඇති බවත්, එමඟින් ගෝලීය දරිද්‍රතාවය අඩු කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් චීනය විසින් ලබා දී ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ ASLCSCC සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා සිය කතාවේදී, දකුණු ආසියානු රටවලට, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට දරිද්‍රතාවය පිටුදැකීම සම්බන්ධයෙන් චීනයේ අත්දැකීම්වල වැදගත්කම අවධාරණය කළේය. දරිද්‍රතාවය පිටුදැකීම සම්බන්ධයෙන් චීනයේ ජයග්‍රහණ රටේම සාර්ථකත්වය පමණක් නොව, ගෝලීය සංවර්ධනය සඳහා ද ඉතා වටිනා
ආදර්ශයක් ලබා දී ඇති බව ඔහු පැවසීය. ජනතාව පළමුව යන මූලධර්මයට අනුගත වීම හරහා චීනය නවීකරණය පිළිබඳව ගෝලීය වැදගත්කමක් ලබා ඇති බවත්, විශේෂයෙන් ඉලක්කගත දරිද්‍රතාවය පිටුදැකීම සහ ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ චීනයේ අත්දැකීම් දකුණු ආසියානු රටවලටද ආදර්ශයක් වී ඇති බවත් ඔහු පැවසීය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ජාතික ව්‍යාපෘති විශේෂඥයෙකු වන කපිල මුණසිංහ මහතා, දකුණු-දකුණු සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබා දීමේ අත්දැකීම් සහ ප්‍රගතිය සිය කතාවේදී බෙදා ගත්තේය. තාක්ෂණික විශේෂඥතාව සහ නව්‍ය තාක්ෂණයන් මාරු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ කෙසෙල්, අන්නාසි සහ අඹ වැනි ප්‍රමුඛතා පලතුරු වල නිෂ්පාදන කාර්යක්ෂමතාව, නිෂ්පාදනය සහ වාණිජකරණය වැඩිදියුණු කර ඇති බව ඔහු පැවසීය. මෙම පලතුරු දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළවල වඩාත් තරඟකාරී වී ඇති බව සඳහන් කළ ඔහු, සහයෝගීතාවය දේශීය කෘෂිකර්මාන්තයේ තිරසාර සංවර්ධනය වැඩිදියුණු කිරීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ ගොවීන්ට සහ අදාළ කර්මාන්ත සඳහා වැඩි ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට ද බෙහෙවින් උපකාරී වන බවද පැවසීය.
ෂෙන්සෙන් විශ්ව විද්‍යාලයේ ප්‍රදේශීය හා ජාත්‍යන්තර සන්නිවේදන ආයතනයේ සහ විදේශ භාෂා පාසලේ පීඨාධිපති සහ කීර්තිමත් මහාචාර්ය ඩයි යොංහොං සිය කතාවේදී කියා සිටියේ චීනය දරිද්‍රතාවයට එරෙහි සටනේදී පුළුල් ජයග්‍රහණයක් ලබා ඇති බවත්, අන්ත දරිද්‍රතාවය සාර්ථකව තුරන් කර ඇති බවත්ය. චීනයේ අත්දැකීම් මගින් දරිද්‍රතාවයෙන් පෙළෙන කලාප සඳහා සමෘද්ධිය කරා යන මාවත නොසැලෙන විශ්වාසය, ශක්තිමත් අධිෂ්ඨානය සහ විවිධ වූ ක්‍රියාමාර්ග සමඟින් සකස් කළ හැකි ආකාරය පෙන්නුම් කර ඇති බව ඔහු සඳහන් කළේය. දරිද්‍රතාවය පිටුදැකීම සඳහා චීනයේ ප්‍රවේශය දේශීය තත්වයන්ට ගැලපෙන ඉලක්කගත පියවරයන් ඇතුළත් කරන බවත්, විවිධ කලාපවල සහ ජනගහනයේ නිශ්චිත තත්වයන් මත පදනම්ව විසඳුම් ලබා දිය යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.
සන් යාට්-සෙන් විශ්ව විද්‍යාලයේ සමුද්‍ර විද්‍යා පාසලේ පීඨාධිපති සහ මහාචාර්ය වැන්ග් ඩොංෂියාඕ සිය කතාවේදී සමුද්‍ර සම්පත් සහ මෝසම් පද්ධතිය අතර සම්බන්ධතාවය මෙන්ම දකුණු ආසියාවේ ආර්ථිකයට සහ පරිසරයට එහි ගැඹුරු බලපෑම හොදින් විශ්ලේෂණය කළේය. කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමෙන්, විශේෂයෙන් සමුද්‍ර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම තුලින් සහ මෝසම් පද්ධති පුරෝකථනය කිරීම සහ කළමනාකරණය කිරීම මගින් දරිද්‍රතාවය අඩු කිරීම සඳහා සැලකිය යුතු අවස්ථා දකුණු ආසියානු රටවලට ගෙන ඒමට හැකි බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිටියේෂන් හි නියෝජිත ෂැනන් හැනිබල් සිය කතාවේදී කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන හවුල්කාරිත්වය මෑත වසරවලදී බෙල්ට් ඇන්ඩ් රෝඩ් සහයෝගීතාව සහ ගෝලීය සංවර්ධන ඉනිටියේෂන් හරහා අඛණ්ඩව භාවිතා වී ඇති බවයි. 2023 දී චීනය ශ්‍රී ලංකාවේ පලතුරු වගාවේ වටිනාකම් වැඩි දියුණු කිරීම සඳහා ත්‍්ධ සමඟ ව්‍යාපෘතියකට අරමුදල් සැපයූ බවත්, දේශීය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශය වැඩි දියුණු කළ බවත් ඔහු සඳහන් කළේය. චීනය මුහුදු පිපිඤ්ඤා වගාව, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම් සහ ශ්‍රී ලංකාවේ මහවැලි ජල හැරවුම් සහ වාරිමාර්ග ව්‍යාපෘතියට ද සහාය දුන් බවත්, එමඟින් දේශීය ජීවනෝපායන් බෙහෙවින් වැඩිදියුණු වූ බවත් ඔහු පැවසීය. මෙම ජයග්‍රහණ කලාපීය දරිද්‍රතාවය අඩු කිරීම සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා චීන-ශ්‍රී ලංකා සහයෝගීතාවයේ වටිනාකම අවධාරණය කරන බව ඔහු අවධාරණය කළේය.
කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උදය මොහාන් දේවදාස්, චීනයේ, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ දරිද්‍රතාවය අඩු කිරීම පිළිබඳ අවබෝධයන් බෙදා ගත් අතර, දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම සඳහා මානව සම්පත් සංවර්ධනයේ පුළුල් රාමුවක් යෝජනා කළේය. දකුණු ආසියාවේ දරිද්‍රතාවය අඩු කිරීමේ උත්සාහයන් සඳහා නිර්මාණාත්මක අදහස් සහ විසඳුම් ලබා දෙන, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, රැකියා අවස්ථා උත්පාදනය කිරීම සහ තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා බලගැන්වූ සහ මානව සම්පත් මත පදනම් වූ රාමුවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඔහු සිය කතාවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා චීන සංගමයේ සභාපති ජනිත් ද සිල්වා මහතා සිය කතාවේදී චීනය දරිද්‍රතාවයෙන් පෙළෙන රටක සිට සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් බවට පරිවර්තනය වීම සිහිපත් කළේය. මහා පරිමාණ ජනගහන නැවත ස්ථානගත කිරීම, ඉලක්කගත දරිද්‍රතාවය පිටුදැකීමේ උත්සාහයන්, ග්‍රාමීය පුනර්ජීවනය සහ සංචාරක සංවර්ධනය තුළින් දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශවල ආර්ථික වර්ධනය මෙහෙයවීමේ චීනයේ සාර්ථකත්වය ඔහු ඉස්මතු කළේය. 2020 වන විට, චීනය අන්ත දරිද්‍රතාවය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති අතර, නියමිත කාලයට පෙර අන්ත දරිද්‍රතාවය අවසන් කිරීමේ එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන ඉලක්කය සපුරා ගෙන ඇත. ඔහුගේ කතාවේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනයේ දේශපාලන හා සමාජ ක්‍රමය එහි පැහැදිලි දැක්ම සහ ඵලදායී ක්‍රියාමාර්ග සඳහා ගෞරවය පුද කළේය.
ෂැංහයි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ පර්යේෂණ සහකරු සහ අධ්‍යක්ෂ ලියු සොන්ගි මහතා සිය කතාවේදී සඳහන් කළේ, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ කලාපය වූද, වඩාත්ම හදිසි සංවර්ධන අවශ්‍යතාවයන් සහිත වන, දකුණු ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය දරිද්‍රතාවයෙන් එල්ල වන දැඩි අභියෝගවලට මුහුණ දෙන බවයි. දරිද්‍රතාවය අඩු කිරීමේ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස චීනය, තීරයක් සහ මාවතක් මුලපිරීම සහ ගෝලීය සංවර්ධන මුලපිරීම හරහා යටිතල පහසුකම් සංවර්ධනය, කෘෂිකාර්මික නවීකරණය, ආහාර සුරක්ෂිතතාව සහ හරිත වර්ධනය සඳහා දකුණු ආසියානු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති බව ඔහු පැවසීය.
සංසදය අතරතුර, CICG ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලියු ෂුවාන්යන් විසින් සමකාලීන චීන සහ ලෝක අධ්‍යයන ඇකඩමිය විසින් සම්පාදනය කරන ලද චීන නවීකරණය පිළිබඳ ප්‍රශ්න සහ පිළිතුරු යන චීන-ඉංග්‍රීසි ද්විභාෂා පොත නිකුත් කරන ලදී. මෙම පොත චීන නවීකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රශ්නවලට ප්‍රශ්නෝත්තර ආකෘතියක් හරහා ආමන්ත්‍රණය කරන අතර එහි ආවේණික තර්කනය සහ ප්‍රායෝගික මාර්ග පැහැදිලි කරයි.
සංසදය අතරතුර, අමුත්තන් තේමාත්මක පොත් ප්‍රදර්ශනයක් නැරඹූහ . ‘ASLCICG’වෙත චීනයේ දරිද්‍රතාවය අඩු කිරීමේ අත්දැකීම් සහ ග්‍රාමීය පුනර්ජීවනය ඇතුළු මාතෘකා පිළිබඳ පොත් ලැබුණි.
CICG සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සත්කාරකත්වය දරන ලද මෙම උත්සවය, යුරෝපය සහ ආසියාව සඳහා වූ CICG මධ්‍යස්ථානය, සමකාලීන චීන සහ ලෝක අධ්‍යයන ඇකඩමි ‘ASLCICG’ විසින් සංවිධානය කරන ලද අතර, CHEC පෝට් සිටි කලම්බු (පුද්ගලික) සමාගම, CCCC ඉදිකිරීම් සමූහ සමාගම සහ Ceylonese සඟරාවේ සහාය ඇතිව පවත්වන ලදී.