Best News Website award
brand logo
logo
මාස 16ක් පුරා අභියෝගවලට ලාභ ලබමින්  බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ  Waters Edge වාර්තා පිට වාර්තා තබයි

මාස 16ක් පුරා අභියෝගවලට ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි

27 November 2026

ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටලයක්, හෝටල් හා ආපනශාලා සංකීර්ණයක් සහ උත්සව ශාලා පරිශ්‍රයකින් සමන්විත Waters Edge ඉතිහාසය අලුත් කරමින් ඉතිහාසයේ ප්‍රථම වරට වාර්ෂික ආදායම බිලියන 3 ඉක්මවා ඇති බව Waters Edge සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා පසුගිය දින මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබීය.


2024 දෙසැම්බර් මස 12 වැනි දින Waters Edge හි නව සභාපති ලෙස වැඩ භාරගත් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ නව මානයන් සනිටුහන් කරමින්, තමන්ගේ දැක්මක් සහ අභිලාෂයක් ඔස්සේ සාර්ථකත්වයේ මාවත ගොඩනගාගත්, අත්දැකීම් බහුල ව්‍යවසායකයෙකු වන චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා සිය නව ව්‍යාපාර ව්‍යුහයන් ඔස්සේ Waters Edge ආයතනය මෙහෙයවමින් ආයතනයේ කාර්ය මණ්ඩලයේ කැපවීම, මහන්සිය සහ ආයතනය පිළිබඳ විශ්වාසය තබා සිටින ගණුදෙනුකරුවන්ගේ සහයෝගය මත Waters Edge ඉතිහාසයේ ප්‍රථම වරට ආදායම වාර්තාගත ලෙස ඉහළ දැමීමට සමත් වී තිබේ.


උත්සව ශාලා අංශය, ආහාර පාන අංශය සහ කාමර ව්‍යාපෘති යන අංශයන්ගේ පෙරළිකාර නව වෙනස්කම් රැසකින් පසු මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇති අතර නව අරමුණු හා නව දැක්ම මත Waters Edge ආයතනය තවදුරටත් ශක්තිමත් කරමින් තිරසාර සංවර්ධන ක්‍රම හා උසස් සේවා මට්ටම් ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ සම්මානනීය ආයතනයක් බවට Waters Edge ආයතනය පත් කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.


විශේෂයෙන්ම මාසික ආදායම් ලාභය නොකඩවා අඛණ්ඩ ලෙස ලාභ ලබමින් මෙන්ම 2026 වසර අවසානයට පෙර බදු පෙර ලාභය ලෙස මිලියන 500ක ලාභයක් බලාපොරොත්තු වීමට ප්‍රධානතම හේතුව නව කළමනාකාරිත්වය යටතේ එනම් සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ නායකත්වයෙන් සාමාන්‍යාධිකාරී ඉයන්ත් අබේසිංහ මහතාගේ ආයතන කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ කැපවීම තුළින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමයි.


 

More News..