බදුල්ල රෝහලේ තැලසීමියා රෝගීන් උද්ඝෝෂණයක
12 November 2026 | පාලිත ආරියවංශ
බදුල්ල රෝහලේ තැලසීමියා රෝගීන් උද්ඝෝෂණයක
12 November 2026 | පාලිත ආරියවංශ
බදුල්ල බදුල්ල ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝගින් සඳහා වන වාට්ටුවේ ඉඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් තැලසීමියා දරුවෝ සහ ඔවුන්ගේ දෙමාපියෝ ඊයේ (11 වැනිදා) දහවල් බදුල්ල බදුල්ල රෝහලේ ශික්ෂණ රෝහල ඉදිරියේදී උද්ඝෝෂණයක නිරතවූහ.
ඔවුන් පවසන්නේ මෙම රෝගීන් සඳහා තිබූ වාට්ටුව පසුගිය කොවිඩ් සමයේ වෙනත් කටයුත්තක් සඳහා යෙදා ගත් නමුත් යළි තැලසීමියා රෝගීන්ට එය ලබානොදී මෙම රෝගීන් අඩු ඉඩකඩ සහ අඩු පහසුකම් ඇති වාට්ටුවකට දමා ඇති බවයි. එබැවින් නැවතත් කලින් තිබූ වාට්ටුව ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
මේ පිළිබඳව අපි බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ හිමාලි විජේගුණවර්ධනගෙන් විමසුවෙමු. තැලසීමියා රෝගීන්ට පහසුකම් ඇති වාට්ටුවක් අවශ්‍ය බව තමාද පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ බදුල්ල ශික්ෂණ රෝහලේ පවතින ගොඩනැගිලි පහසුකම් අනුව එය ලබාදීමට නොහැකිවීම ගැන කනගාටුවන බවත් දැනට ඉදිවෙමින් පවතින මහල් දහය බැගින් වන ගොඩනැගිලිවල ඉදිකරීම් අවසන් වූ පසු මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැකි බවත් ඇය සඳහන් කළාය.
දැනට ඔවුන් ඉල්ලා සිටින කලින් භාවිත කළ ගොඩනැගිල්ලේ දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කර ඇති බැවින් එම ගෙඩනැගිල්ල ලබාදීම ප්‍රායෝගික නොවන බව ඒ පිළිබඳව කළ සාකච්ඡාවකදී තහවුරු වූ බවද ඇ අවධාරණය කළාය.


