චීන දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු කටුනායක දී අත් අඩංගුවට
25 August 2026 | ටී.කේ.ජී.කපිල - කටුනායක
චීන දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු කටුනායක දී අත් අඩංගුවට
25 August 2026 | ටී.කේ.ජී.කපිල - කටුනායක
රුපියල් අසූ තුන් ලක්ෂ හතලිස් දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද (25) දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනාම ඉන්දීය ජාතිකයන් වන අතර පිරිමි පුද්ගලයා 33 හැවිරිදි වියේ පසුවන එරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වී සිටින්නෙකි. අනෙක් තැනැත්තිය 38 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ පාසැලක සේවය කරන ගුරුවරියකි.
ඔවුන් දෙදෙනා මෙම දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන සිංගප්පූරුව වෙත පැමිණ එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් 08/25 දින අලුයම 12.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 55,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 278 ක් සගවා ගෙන තිබුණි.
මොවුන් දෙදෙනා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා 08/25 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

