Best News Website award
brand logo
logo
හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා සිසුන් 36 දෙනෙකු රෝහල්ගත කෙරේ

හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා සිසුන් 36 දෙනෙකු රෝහල්ගත කෙරේ

20 November 2026

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු අද (20) මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.


අද (20) උදෑසන 8.45ට පමණ මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් 96 දෙනෙකු උදෑසන ආහාරය ගැනීමෙන් අනතුරුව පන්ති කාමරවල රැඳී සිටියදී මෙම හුස්ම ගැනීමේ අපහසුතාව හටගෙන ඇති බව වාර්තා වේ.


රෝහල්ගත කළ සිසුන් අතරින් 30 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බවද සඳහන්.


එමෙන්ම ඉතිරි සිසුන් හයදෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

 

 

More News..