brand logo
logo
දැදුරු ඔය පිටාර ගැලීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දැදුරු ඔය පිටාර ගැලීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

03 November 2026


දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.


දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇති බවය.


ඒ අනුව කොළඹ සිට ධාවනය වන දුම්රියන් කුරුණෑගල දක්වා පමණක් ධාවනය වන අතර යාපනය සිට පැමිණෙන දුම්රියන් මහව දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


මේ අතර ඊයේ (02) දිනයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, තවත් ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවය.

 

More News..