brand logo
logo
IMF වෙතින් ඉවත්වීමට රජය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නෑ - ඇමති නලින්ද

IMF වෙතින් ඉවත්වීමට රජය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නෑ - ඇමති නලින්ද

29 September 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වීම සඳහා රජය මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පුරෝකථනයන් සාර්ථක ගෙන ගෙන ඇතත් තවත් පුරෝකථනයන් සඳහා වූ ඉලක්ක තවමත් සපුරා ගෙන නොමැති බවය.


කෙසේ වෙතත් ලෝකයේ පවතින තත්ත්වයන්, ආර්ථක තත්ත්වයන් සියල්ල සලකා බලා අවශ්‍ය මොහොත තීන්දුවක් ගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


පසුගියදා පැවැති වැඩසටහනකදී එළැඹෙන 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ශ්‍රී ලංකාව ඉවත් වීමට නියමිත බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසීය.


එහිදී අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත්ව ජනතාව සඳහා තවත් සහන ලබා දීමට රජය අපේක්ෂා කරන බවය.

කෙසේ නමුත් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ සම්බන්ධව සිදුකළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා ස්ථීර තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්ය.


"එහෙම ස්ථීර තීරණයක් නෑ. සමහර පුරෝකථනයන් සාර්ථක කරගෙන තියෙනවා සමහර පුරෝකථනයන්, ඒ ඉලක්කයන් තවමත් අපි සපුරාගෙන නෑ අතරමැද තත්ත්වයේ තියෙන්නේ තව මාස කිහිපයක් පවතිනවා ලබන අවුරුද්දෙත් මාස කිහිපයක් පවතිනවා. ලෝකයේ තත්ත්වය, ආර්ථිකයේ තත්ත්වය සියල්ල සලකා බලලා තමයි ඒ මොහොතේදී තීන්දුවක් ගන්න වෙන්නේ" 

 

More News..