ආසියාවේ 03වන බලවත්ම රට ලෙස ඉන්දියාව සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගනී
23 November 2026
ආසියාවේ 03වන බලවත්ම රට ලෙස ඉන්දියාව සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගනී
23 November 2026
ආසියාවේ 03වන බලවත්ම රට ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බව ඕස්ට්‍රේලියාවේ 'ලොවී ආයතනය' (Lowy Institute) විසින් නිකුත් කරන ලද නවතම "Asia Power Index" (ආසියානු බල ශ්‍රේණිගත කිරීම්) වාර්තාවකින් තහවුරු වී තිබේ.
එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින්ග්ට පසු ආසියානු කලාපයේ 02වන වඩාත්ම ඵලදායී රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රේණිගත කර ඇත.
රටක පවතින සම්පත් ප්‍රමාණය සහ එමගින් ගොඩනගාගන්නා සැබෑ බලපෑම අතර පරතරය මනින "Power Yield" මිනුම අනුව ඉන්දියාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.
2018 වසරේ මෙම ශ්‍රේණිගතකිරීම් ආරම්භ කළ දින සිට චීනය සහ ඉන්දියාව අතර පැවති බල පරතරය අවම මට්ටමකට පැමිණ ඇත්තේ ද මෙවරය.
කෙසේ වෙතත්, චීනයේ සමස්ත බලය තවමත් ඉන්දියාවට වඩා 80%කින් ඉදිරියෙන් පවතී.
ලොවී ආයතනය මිනුම්දඬු 8ක් ඔස්සේ මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර, ඉන් ක්ෂේත්‍ර 5කම වර්ධනයක් පෙන්වීමට ඉන්දියාව සමත්ව ඇත.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා, සංස්කෘතික බලපෑම සහ ආරක්ෂක ජාල වර්ධනය කර ගැනීම මීට ප්‍රධාන හේතුවයි.
අග්නිදිග ආසියානු රටවල් සමඟ ආරක්ෂක සබඳතා තදින් පවත්වා ගැනීම සහ BrahMos මිසයිල අලෙවිකිරීම හේතුවෙන් ඉන්දියාවේ ආරක්ෂක බලපෑම ශ්‍රේණිගත කිරීම්හි 09වන ස්ථානය දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, රුපියල අවප්‍රමාණ වීම, IMF ආර්ථික ගණනය කිරීම් වෙනස් වීම සහ පිටතට යන ආයෝජන ඩොලර් බිලියන 20කින් පමණ පහත වැටීම වැනි සාධක හේතුවෙන් ඉන්දියාවේ ආර්ථික ධාරිතා ලකුණු මට්ටම සුළු වශයෙන් පහත වැටී ඇත.


