brand logo
logo
මීගමුව බන්ධනාගාරයේ ගැටුම්කාරී සිද්ධියට අදාළව සැකකරුවන් 4ක් අධිකරණයට

මීගමුව බන්ධනාගාරයේ ගැටුම්කාරී සිද්ධියට අදාළව සැකකරුවන් 4ක් අධිකරණයට

27 July 2026



මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී සිද්ධියට අදාළව නම් කෙරුණු සැකකරුවන් සිව්දෙනෙකු ලබන අගෝස්තු මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.


පසුගිය ජූලි 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර මෙම දරුණු ගැටුම හටගෙන තිබුණි. 


මෙම සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.


අදාළ නඩුකරය අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සැකකරුවන් සිව්දෙනා නම් කරනු ලැබීය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන් ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

 

 

More News..