brand logo
logo
ජනාධිපති කාර්යාලයේ වාහන 27ක් විකිණීමට යයි

ජනාධිපති කාර්යාලයේ වාහන 27ක් විකිණීමට යයි

24 April 2025 | චාමර පල්ලේගෙදර

ජනාධිපති කාර්යාලයේ සතු තවත් සුඛෝපභෝගී සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 27ක් විකිණීමට සූදානම් වේ. ඒ සඳහා වන මිල ගණන් ටෙන්ඩර් දැන්වීමක් මගින් කැඳවා තිබේ.


එම වාහන අතර 1991, 2000, 2005, 2006, 2007, 2010, 2011, 2012, 2013, 2014, 2015 සහ 2016 වර්ෂවල නිෂ්පාදිත වාහන වේ.


ඒ අනුව බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02 ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 05ක්, වී 08 රථ 06ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01 ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, පෝර්ෂ් කේයින් මෝටර් රථ 01ක් සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් මෙලෙස විකිණීමට සූදානම් වේ.


අදාළ වහනය සඳහා වන ටෙන්ඩර් පත්‍රිකා ගාස්තුව ඊයේ (23දා) දින සිට ලබන මැයි 14 වැනිදා දක්වා ජනාධිපති කාර්යාලයේ මූල්‍ය අංශයට ගෙවා ටෙන්ඩර් පත්‍රිකා මුලදී ගත හැකි වේ.


මේ අතර ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පසුගිය පෙබරවාරි 28 වැනිදා සිදු කෙරිණි.


රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර තිබිණි.


ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොල්වෝ ජීප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස් රථයක්, ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුළු වාහන 15ක් එහිදී වෙන්දේසි වී තිබේ.

 

More News..