නුවරඑළිය - තලවාකැලේ මාර්ගයේ බස් අනතුරක්
14 November 2026
නුවරඑළිය - තලවාකැලේ මාර්ගයේ බස් අනතුරක්
14 November 2026
නුවරඑළිය, ඩෙස්පෝඩ් ප්‍රදේශයේදී බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී (14) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලකින් 28 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා පැමිණි බන්ධනාගාර නිලධාරින් පිරිසක් රැගත් බස් රථයක් සහ වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට යමින් සිටි පිරිසක්ය.
අනතුරින් බස් රථ දෙකේම ගමන් ගත් පිරිසට තුවාල සිදුව ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නානුඔය පොලිසිය පැවසීය.


