හමාස් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මරුට
15 November 2026
හමාස් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මරුට
15 November 2026
2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කිරීමට සහ මෙහෙයවීමට දායක වූ හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් තිබේ.
හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන අල් කසාම් බලකාය සඳහන් කර ඇත්තේ, 53 හැවිරිදි සමීර් අබු යූනිස් නමැති මෙම නිලධාරියා ඊයේ (15) එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මියගිය බවයි.
ඔහු හමාස් සංවිධානයේ රෆා බළකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇති බවද එම සංවිධානය පවසයි.
1991 වසරේදී හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයට එක්වූ අබු යූනිස්, රෆා ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් තනතුරු කිහිපයක් දරමින් පසුව එහි බළකායේ අණදෙන නිලධාරියා බවට පත්වූ බව හමාස් සංවිධානය සඳහන් කරයි.
ඔහුගේ අවසන් කටයුතු අද (15) පස්වරුවේ ඛාන් යූනිස්හිදී සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක වූ සටන් විරාමයත් සමඟ ප්‍රධාන පෙළේ සටන් නතර වූ නමුත්, ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව සිදුවීම සහ හමාස් සංවිධානයේ නිරායුධ කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවීම හේතුවෙන් ගාසා තීරයේ අර්බුදය තවදුරටත් පවතී.
සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට මේ දක්වා අවම වශයෙන් පලස්තීනුවන් 1,600 දෙනෙකු මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය බලධාරීන් පවසයි.
එම කාලසීමාව තුළ ඊශ්‍රායල සෙබළුන් පස්දෙනෙකු ද මියගොස් තිබේ.


