brand logo
logo
සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

20 September 2026


මහවැලි ගඟ අවට පහත්බිම් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.


නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවය.


මේ හේතුවෙන් පස්බාගේ කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවෙත සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.


ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.


තවද එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවද මේ සම්බන්ධව අවදානයෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

More News..