මුහුදු ඛාදනයෙන් වස්කඩුව සංචාරක කලාපයට දැඩි තර්ජනයක්
20 October 2026 | සමපත් කුලරත්ක - වාද්දුව
මුහුදු ඛාදනයෙන් වස්කඩුව සංචාරක කලාපයට දැඩි තර්ජනයක්
20 October 2026 | සමපත් කුලරත්ක - වාද්දුව
මේ වන විට කළුතර වස්කඩුව නාගස්හන්දියේ සිට මහාවස්කඩුව දක්වා කිලෝ මීටර් තුනකට ආසන්න ප්රමාණයක් වෙරළ අධික ලෙස ඛාදනය වීමෙන් සංචාරක කර්මාන්තයේ යැපෙන එම ප්රදේශයේ දහස් ගණනාවක පිරිසක් හා මහා පරිමාණ හෝටල් ගණනාවක් හා සංචාරකයින් සඳහා ඉදිකර ඇති කුඩා ප්රමාණයේ අවන්හල්, ආයුර්වේද සත්කාර සේවාව සඳහා ඉදිකළ ගොඩනැගිලි මෙන්ම ජනතාවගේ නිවාස ඇතුළු විශාල දේපළක් ශීඝ්ර ලෙස මුහුදට ගසාගෙන ගොස් ඇත.
මෙරට සංචාරක කර්මාන්තයේ ආරම්භයේ සිට කළුතර සංචාරක කලාපයේ වස්කඩුව ප්රදේශයේ සංචාරක කර්මාන්තයට හිමි වී ඇත්තේ ප්රමුඛස්ථානයකි.
ඊට විශේෂතම හේතුව වී ඇත්තේ කළුතර වස්කඩුව ප්රදේශයට ඈත අතීතයේ සිටම ඔවුන්ගේ සුන්දර වෙරළ තීරයට විදේශීය සංචාරකයින් දක්වන්නා වූ මහත් ඇල්ම නිසාය. බොහෝ සංචාරකයින් ඔවුන්ගේ ගමනාන්තය ලෙස භාවිතා කරන්නේද කළුතර සංචාරක කලාපයයි. මන්ද එයත් ඔවුන්ට අවශ්ය සුන්දර වෙරළ තීරයක පහස සහ අත්දැකීමෙන්ම විවිධ සංචාරක ආගන්තු සත්කාර බොහොමයක් කළුතර වස්කඩුව වෙරළ තීරයේ පිහිටා තිබීමයි.
සංචාරක කර්මාන්තය නිසා කළුතර වස් කඩුව වෙරළතීරයේ ජීවත්වන බොහෝ ජනතාව ඔවුන් ගේ ජීවනෝපාය කරගෙන බොහෝ කාලයක් තිස්සේ විශාල ආදායමක් උපයන්නේ සංචාරකයින්ට විවිධ සත්කාර සේවා සපයමින් ඒ අතර මහා පරිමාණ සංචාරක හෝටල් අමතරව කුඩා ප්රමාණයේ සංචාරක අවන්හල්, ආයුර්වේද සත්කාර සේවා, මෙන්ම සංචාරකයින් හට අවශ්ය විවිධ භාණ්ඩ අලෙවි කරමින් සංචාරක මාර්ග උපදේශක සේවා සැපයෙමින් ඔවුන් එදිනෙදා ජීවනෝපාය කරගෙන බොහෝ පවුල් එම කර්මාන්තයේ ජීවත්වීමට කටයුතු කරගෙන යනු ලබයි.
එසේ සංචාරකයින් පැමිණෙන කාලවලදී ජනතාව බොහෝ බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ මෙවර සංචාරක කාලයේදී කුමක් හෝ ආදායමක් උපයාගෙන ඔවුන්ගේ අවන්හල්වල මෙන්ම විවිධ භාණ්ඩ සංචාරකයින් වෙත අලෙවි කිරීමටයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ කුඩා පරිමාණයේ හෝටල් හිමිකරුවෙකු පැවසූවේ දැන් වසර ගණනාවක සිට වස්කඩුව කළුතර ප්රදේශවල සංචාරක කර්මාන්තය නිරත වූවත් මෙරට සංචාරකයින් පැමිණියද දර්ශනීය මුහුදු වෙරළක් නොමැති වීමෙන් එම සංචාරකයින් වස්කඩුව ප්රදේශවලට නොපෙනීම සිදුවී ඇති බවත්, මේ පිළිබඳ ඔවුන් දිගින් දිගටම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් දැනුවත් කළත් ඔවුන්ගේ නිද්රාශීලී භාවය හා විධිමත් වැඩපිළිවෙලක් නොමැති බැවින් මෙම් සංචාරක කලාපයේ ජනතාව දැඩි ලෙස අසරණ වී ඇති බැවින් මෙ පිළිබඳව ප්රදේශයේ ජනතාව ප්රකාශ කරන්නේ තවදුරටත් මාස කීපයක් මේ ආකාරයට වෙරළ ඛාදනය සිදු වූවොත් ඔවුන්ගේ දේපල මහා පරිමාණ සංචාරක හෝටල් පවා මුහුදට ගසාගෙන යාමේ අවදානම් තත්ත්වයක් උදා වී ඇති බවයි.
එබැවින් ප්රදේශයේ දේශපාලන බලධාරීන්ගෙන් ජනාධිපතිතුමාගෙන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර අවශ්ය පිළියම් යොදන ලෙසට ඉල්ලා සිටි .
මෙම වර්තමානයේ වස්කඩුව සුන්දර වෙරළ තීරය අභාග්ය සම්පන්න ලෙස දැඩි මුහුදු ඛාදනය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා (19) කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නන්දන පත්ම කුමාර, චන්දිම හෙට්ටිආරච්චි මහතා, කළුතර ප්රාදේශීය සභාවේ ඉංජිනේරු අරුණ ප්රසාද් චන්ද්රසේකර මහතා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම කලාපය භාර නිලධාරීන් දෙදෙනෙකු සහභාගි වන ලදී.
මෙහිදී අදහස් දැක්වූ කළුතර සංවර්ධන කමිටු සභාපති කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නන්දන පත්ම කුමාරමහතා මේ සඳහා කෙටිකාලීන විසඳුම් ලෙස කළුගල් යෙදුවත් එය ස්ථිර විසඳුමක් නොවන බැවින් කඩිනමින් මේ සතිය තුළ ඊට අදාළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව , සංචාරක අමාත්යාංශය , කළුතර දිස්ත්රික් ලේකම්, ප්රාදේශීය ලේකම්, හා කළුතර ප්රාදේශීය සභාවේ සභාපති ඇතුළු අදාල සියලු බලධාරීන් කැඳවා දැනට කළුතර කැලිඩෝ වෙරළ තීරයේ සිට කොළඹ දෙසට දිගු කාලීන වැඩපිළිවෙලක් ලෙස කරනු ලබන දියකඩන කිහිපයක් මෙම වස්කඩුව ප්රදේශයේ යෙදීමට කටයුතු කරන බවයි.

