brand logo
logo
කටුනායකදී කෝටි 3ක රන් භාණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

කටුනායකදී කෝටි 3ක රන් භාණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

04 October 2026

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර, පල්ලේකැළේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ මෙම රන් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් 3,65,19,192ක් (තුන්කෝටි හැට පන් ලක්ෂ දහනව දහස් එකසිය අනු දෙකක්) පමණ වන බව වාර්තා වේ.


ඊයේ (03) දින ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම සැකකරු, ග්‍රෑම් 996ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය පාර්සල් 4කට සකසා සිය සිරුරේ සඟවාගෙන පැමිණ ඇත.


අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකාර ගුවන් මගියා සහ අදාළ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගැනුණි.


ඒ අනුව අද (04) අලුයම දක්වා සිදුකළ දීර්ඝ රේගු පරීක්ෂණයකින් පසුව, අදාළ ස්වර්ණාභරණ තොගය සම්පූර්ණයෙන්ම රාජසන්තක කිරීමටත්, සැකකාර ගුවන් මගියාට රුපියල් ලක්ෂ 37ක දඩ මුදලක් නියම කිරීමටත් රේගු නිලධාරීන් නියෝග කර ඇත.

 

More News..