brand logo
logo
භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ සැකකාර පෙම්වතා සොයා පරීක්ෂණ

භෞත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ සැකකාර පෙම්වතා සොයා පරීක්ෂණ

19 June 2026

තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළ තිබී භෞත චිකිත්සකවරියකගේ මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින මියගිය තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද එහිදී අධිකරණය විසින් පනවා ඇති බව වාර්තා ෙව්


පසුගිය 17වැනිදා පස්වරුවේ තෙල්දෙණිය රෝහල අසල නතර කර තිබූ මෝටර් රථයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය

කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් අතර ඇය අම්පාර රෝහලේ සේවය කළ භෞත චිකිත්සකවරියක් බවට පසුව අනාවරණය විය.


එම තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා විසින් ඊට පෙර දින ඇයගේ සිරුර නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලක සිට පිටතට රැගෙන එන ආකාරය සී සී ටී වී දර්ශනවල සටහන්ව තිබූ අතර එම තරුණයා සොයා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇත.


මේ අතර වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මියගිය තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරිණි.

 

More News..