brand logo
logo
පැය 72ක් ඇතුළත විදුලිය විසන්ධිවීම් ලක්ෂ 3ක්

පැය 72ක් ඇතුළත විදුලිය විසන්ධිවීම් ලක්ෂ 3ක්

24 May 2024 | තුෂාර සම්පත් ජයරත්න

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගත වූ පැය 72 ඇතුළත විදුලිය විසන්ධි වීම් ලක්ෂ තුනක් වාර්තා වී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. මෙම කාලය තුළ විදුලි බිඳ වැටීම් තිස් හයදාස් නවසීයක් සම්බන්ධව විදුලි මණ්ඩලයට පැමිණිලි ලැබී ඇත.


අයහපත් තත්ත්වය හමුවේ දිගින් දිගටම විදුලිය බිඳ වැටීම හා විසන්ධි වීම් නිසා විදුලිබල මණ්ඩලයේ හදිසි ඇමතුම් අංකය වන 1984 අංකය කාර්යබහුල වීම නිසා පාරිභෝගිකයන් දැඩි අසීරුතාවකට පත්ව ඇත.


මෙම තත්ත්වය මත බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් යොමුකර ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

 

More News..