brand logo
logo
  නිවාස සිහිනය පෙන්නා රු. කෝටි 03කට අධික මුදලක් වංචාකළ දෙදෙනෙකු අත්අඩංගුවට

නිවාස සිහිනය පෙන්නා රු. කෝටි 03කට අධික මුදලක් වංචාකළ දෙදෙනෙකු අත්අඩංගුවට

28 October 2026


නිවාස ඉදිකර දෙන බව පවසා රුපියල් 38,770,000ක මුදලක් වංචා කළ බව කියන සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (27) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.


සමාගම් අධ්‍යක්ෂවරුන් ලෙස පෙනී සිටිමින් නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් ලබාගෙන, අදාළ නිවාස අර්ධ වශයෙන් පමණක් ඉදිකර මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකර වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.


විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් නිවාස ඉදිකර දෙන බව පවසා රුපියල් 38,770,000ක මුදලක් ලබාගෙන ඇති බවය.


අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 27ක් වයසැති අතර, සැකකාරිය අවුරුදු 19ක් වයසැති බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් පූගොඩ සහ දොම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.


සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..