මිනි ඌෂි වර්ගයේ ස්වංයක්‍රීය ගිනිඅවියක් සුසාන භූමියකින් හමුවෙයි
02 June 2026
මිනි ඌෂි වර්ගයේ ස්වංයක්‍රීය ගිනිඅවියක් සුසාන භූමියකින් හමුවෙයි
02 June 2026
පළමු වරට හමුවූ මෙරටදී නිෂ්පාදනය කළ මිනි ඌෂි වර්ගයේ ස්වංයක්‍රීය ගිනිඅවියක් ඇතුළු අවි ආයුධ කිහිපයක් කොළඹ පොදු සුසාන භූමියක සඟවා තිබියදී සොයාගැනීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් විය.
ඒ ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කළ මහවත්තේ චාමර නම් අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුවය.
පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ මහවත්තේ චාමර නැමැති අපරාධකරු මේ වනවිට රඳවා සිටින්නේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේය.
එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුව මෙම ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් කොළඹ පොදු සුසාන භූමියක සඟවා තිබියදී සොයාගැනුණි.
ස්වංයංක්‍රීය ගිනිඅවියක් වන මිනි වූෂි වර්ගයේ අවියක් හා විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසිනයක් හා උණ්ඩ 3ක් ඊට අයත් වේ.
මිනි වූෂි වර්ගයේ ගිනි අවිය මෙරට නිෂ්පාදනය කළ එකක් බව අනාවරණ වී ඇති අතර මින්පෙර කිසිඳු පොලිස් ඒකකයක් මගින් එම වර්ගයේ ගිනි අවියක් මෙරටදී සොයාගෙන නොමැති වීමද විශේෂත්වයකි.
එම වර්ගයේ ගිනිඅවියක් පිළිබඳව පසුගිය සමයේ පොලිසියට තොරතුරු ලැබී තිබුණද එය සොයාගැනීමට හැකිව තිබුණේ නැහැ.
මිනි වූෂි වර්ගයේ ගිනිඅවිය මොවුන් විසින් සිය ප්‍රතිවාදීන් බියගැන්වීම සඳහා යොදාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

