වසා දැමුණු පහළ කඩුගන්නාව මාර්ගය යළි විවෘත කෙරේ
24 November 2026
වසා දැමුණු පහළ කඩුගන්නාව මාර්ගය යළි විවෘත කෙරේ
24 November 2026
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (23) රාත්‍රියේ වසා දැමුණු අතර, අද (24) උදෑසන සිට එය යළි විවෘත කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඊයේ රාත්‍රී 11 සිට අද උදෑසන 6 දක්වා මෙලෙස මාර්ගය වසා තැබීමට තීරණය කර තිබුණේ, එම ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ආරක්ෂිතව ඉවත් කිරීමේ සහ අදාළ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා ය.


