දීපාවලී වෙනුවෙන් හැටන් ඇතුළු වතුකරයේ නගරවලට සෙනඟ පිරෙයි
07 November 2026
දීපාවලී වෙනුවෙන් හැටන් ඇතුළු වතුකරයේ නගරවලට සෙනඟ පිරෙයි
07 November 2026
එළඹෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් වතුකරයේ ජනතාව අලුත් ඇදුම් පැලදුම් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අද (07) දින හැටන් ඇතුලු වතුකරයේ ප්‍රධාන නගරවලට ජානය පැමිණෙමින් සිටිති .
මෙවර දීපාවලී උත්සවය නිමිත්තෙන් පිට පළාත්වලින් ව්‍යාපාර කටයුතුවලට විශාල පිරිසක් පැමිණ සිටි අතර, එම ජනතාවගේ ආරක්ෂාව උදෙසා හැටන් පොලිසිය මගින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද දියත් කර ඇත.
දීපාවලී උත්සව සමයට හැටන් නගරයට පැමිණෙන සහ කොළඹ සිට හැටන් දක්වා පැමිණෙන මගීන්ට අවශ්‍ය ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

