brand logo
logo
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

20 July 2026


වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ පසුගිය 16 වැනි දින නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙනි.


සිද්ධිය සම්බන්ධව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.


ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු හා එම අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ බියගම පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී හා නවගමුව පොලිස් වසමේ වඳුරමුල්ල ප්‍රදේශයේදී වන අතර එහිදී අපරාධය සිදු කිරීමට සම්බන්ධ යතුරුපැදියද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.


පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 29 වයස්වල පසුවන රණාල හා පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.


සිද්ධිය සම්බන්ධව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.

 

More News..