brand logo
logo
 කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

03 August 2026



තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.


ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අදාළ මෙම නිවේදනය අද (03) පස්වරු 8.00ට නිකුත් කර ඇති අතර, හෙට (04) පස්වරු 8.00 දක්වා බලපැවැත්වේ.


එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, මුහුද ඉතා රළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ඒ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.


මේ අතර, පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු වනු ඇතැයි ද සඳහන් වේ.


එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සැලකිලිමත්ව පසුවන ලෙසත් ඉල්ලා සිටී.

 

More News..