නැගෙනහිර වෙරළ තීරයේ ඉඩම් අවභාවිතය ගැන මාස 2ක් අතුළත වාර්තාවක් ඉල්ලයි
17 September 2026
නැගෙනහිර වෙරළ තීරයේ ඉඩම් අවභාවිතය ගැන මාස 2ක් අතුළත වාර්තාවක් ඉල්ලයි
17 September 2026
නැගෙනහිර පළාතේ වෙරළ තීරයන්හි සිදුව ඇති අනවසර ඉදිකිරීම්, රජයේ ඉඩම් අවභාවිතය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා මාස 02ක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දී තිබේ.
නැගෙනහිර පළාතේ නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් සහ අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දෙවැනි වරටත් රැස්විය.
එම අවස්ථාවේදී මෙම අදාළ නිලධාරීන්ට මෙම නියෝග නිකුත් කර ඇත.
නැගෙනහිර පළාතේ වෙරළ තීරයන් ආරක්ෂා කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ පවතින ඉඩම් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම කමිටුව පිහිටුවා ඇත.
මෙම හමුවේදී කමිටුව විසින් මෙතෙක් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණවල ප්‍රගතිය සහ කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කර ඇත.
මීට අමතරව, ආරුගම්බේ වෙරළ තීරයේ පවතින අනවසර ඉදිකිරීම් පිළිබඳ විශේෂ අතුරු වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට ද මෙහිදී තීරණය කර තිබේ.
මෙම වාර්තා සකස් කිරීමේදී අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දායකත්වය හා තොරතුරු ලබා ගැනීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති සේනක පල්ලියගුරුගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. තවද, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර, වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.එස්.සී. පාලමකුඹුර සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

