මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්ගේ වාර්තාව පිළිගන්නා බව ITAK කියයි
08 September 2026
මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්ගේ වාර්තාව පිළිගන්නා බව ITAK කියයි
08 September 2026
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමාරම්භක සභාවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම, හමුදාව භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම, අතුරුදහන් වූවන්ගේ ගැටලුව, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැති වීම පිළිබඳව මානව හිමිකම් මහකොමසාරිස් එහිදී සිය කනගාටුව පළ කර තිබීම සිය පක්ෂයද පිළිගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දී ඇත.
එමෙන්ම, පළාත් සභා මැතිවරණය දීර්ඝ කාලයකින් පවත්වා නොමැති බවට එහි දක්වා ඇති කරුණ ද ඔවුන්ගේ අවධානයට යොමුව තිබේ.

