නේපාල ඛේදවාචකයෙන් අතුරුදන්වූවන් මුදාගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
27 August 2026
නේපාල ඛේදවාචකයෙන් අතුරුදන්වූවන් මුදාගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
27 August 2026
චීන-නේපාල දේශසීමා කලාපයේ සිදුවූ නායයෑම හේතුවෙන්, චීනයේ Xizang හි Gyirong ප්‍රදේශයේ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇත.
ඊයේ (26) පෙරවරු 10:30ට පමණ, සිදු වූ මෙම ව්‍යවසනයෙන් අනතුරුව, සිදුව ඇති ආපදා තත්ත්වයේ හානි වළක්වා ගැනීම සහ මුදා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙමින් ඒ වෙනුවෙන් සියලු උත්සාහයන් ගන්නා ලෙස චීන ජනපති ෂී ජින්පිං මහතා දැනුම් දී තිබේ.
ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සහ මුදා ගැනීමේ මෙහෙයුම් විද්‍යාත්මකව සංවිධාන කරමින් නිරීක්ෂණ, පූර්ව අනතුරු ඇඟවීම් සහ අවදානම් තුරන් කිරීම තහවුරු කළ යුතු බව චීන ජනපතිවරයා අවධාරණය කර ඇත.
මේ අතර චීන අගමැති ලී ච්‍යං මහතාද අදාළ බලධාරීන් වෙත උපදෙස් දෙමින් සඳහන් කර ඇත්තේ, පුද්ගලයින් බේරා ගැනීම, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සහ අවතැන්ව සිටින ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පූර්ණ උත්සාහයන් යෙදිය යුතු බවයි.
එමෙන්ම ආපදා වැළැක්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

